Pages

Ads 468x60px

Thursday, February 17, 2022

මේ සතියේදී අමුතු දේශපාලන හමුවීම් කිහිපයක් සිදුව ඇති බවට දේශපාලනික ආරංචි මාර්ග පවසයි.

සමගි ජන  බලවේගයේ කැපී පෙනෙන මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව සාකච්ඡා කර ඇත.පසුගිය වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රෝගාතුර වූ විට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් තිබූ අතර එහිදීද රනිල් වික්‍රමසිංහ මහතාට පුළුල් සන්ධානයක් සදහා ආරාධනා කර සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා එදා පවසා ඇත්තේ මෙය තවම සුදුසු කාලය නොවන බවයි.තවද රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ පසුව සිදුකල  සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ දේශපාලනයේදී  සජිත් ලොකු අයියා බවත් රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ගුරුවරයා හා පියා බවත්ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙපලක් වන නලින් ප්‍රනාන්දු මහතා සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන රවී කරුණානායක මුණ ගැසී ඇති අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඇත.

පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පසුගියදා විපක්ෂය මගින් වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගී වී තිබීම ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ විමසුමට බදුන් වී ඇත.

මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාද පසුගිදා රනිල් වික්‍රමසිංහ මහතාව මුණ ගැසී දේශපාලනික කාරණා රැසක් පිලිබදව සාකච්ඡා කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර සිටී

No comments:

Post a Comment

 
Blogger Templates